අම්පාරේ බැංකු ශාඛාවකින් රැකියා දෙනවා කියා මුදල් ගරන කල්ලියක්

අම්පාරේ බැංකු ශාඛාවකින් රැකියා දෙනවා කියා මුදල් ගරන කල්ලියක්

රැවටෙන්න එපා යැයි බැංකු බලධරයෝ කියති

ලංකා බැංකුවට අනුබද්ධ දිවයින පුරා ශාඛා රැසකින් යුත් “ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව‘ නුදුරේදී අම්පාර නගරයේ නව ශාඛා කාර්යාලයක් විවෘත කරන බව අඟවමින් එහි රැකියා අවස්ථා උදාකැර දීමට යැයි පවසා රැකියා අපේක්ෂිත පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා වංචනික කණ්ඩායමක් ගැන වාර්තා වී ඇතැයි පවසන එම බැංකුව අම්පාර කලාපයේ එවන් ශාඛාවක් විවෘත කිරීමේ අපේක්ෂාවක් නැති බැවින් එවන් වංචනික පුද්ගලයන්ට නොරැවටෙන ලෙසත් ඔවුනට ගෙවීම් සිදුකිරීමෙන් වලකින ලෙසත් මහජනතාවට දැනුම් දෙයි.

කොළඹ 3 ශාන්ත මයිකල් පාරේ අංක 28 දරන තැන බී.ඕ.සී.මර්චන්ට් ටවර් ගොඩනැගිල්ලේ මූලස්ථානය පිහිටි ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ශාඛා ඇත්තේ මහනුවර, කුරුණෑගල , ගාල්ල , මහරගම, මීගමුව , අනුරාධපුර, ත්‍රිකුණාමලය , අම්බලන්තොට යන නගරවල පමණි. නුදුරේදී අම්පාර නගරයේ එහි ශාඛාවක් පිහිටුවීමට බැංකුවේ අපේක්ෂාවක් නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා