තරුණයන් අටකගෙන් කතකට අතවර පහර කෑ සැමියාත් රෝහලේ

තරුණයන් අටකගෙන් කතකට අතවර පහර කෑ සැමියාත් රෝහලේ

පදවිය ප්‍රදේශයේදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වූ කාන්තාවක වැඩිපුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. ඉකුත් (15) වැනිදා රාත්‍රියේ තරුණයන් අටදෙනෙකු අතින් අතවරයට පත් කාන්තාවගේ සැමියාටද බරපතළ ලෙස පහර දී ඇයව වනගත ස්ථානයකට ගෙන ගොස් අවස්ථා පහකදී අපයෝජනයට ලක්කර ඇති බවට වාර්තා වේ.

මේ විවාහක කාන්තාවත් ඇගේ සැමියාත් පදවිය ප්‍රදේශයට ඉකුත්දා පැමිණ ඇත. මෙම යුවළ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිසිය අනාවරණය කර ගෙන ඇත. මෙසේ අතවරයට පත් කාන්තාව මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ සැමියා පදවිය රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ එවැනි සිද්ධියක් වාර්තා වී ඇතත් වැඩිදුරටත් සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට නොහැකි බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා