හොරෙන් ජලය ලබාගත්තැයි කෝටිපති ව්‍යාපාරිකයාට නොතීසි

හොරෙන් ජලය ලබාගත්තැයි කෝටිපති ව්‍යාපාරිකයාට නොතීසි

ගාලුපාර කොල්ලුපිටියේ පිහිටි සිව්මහල් ගොඩනැඟිල්ලකට වසර ගණනාවක සිට වංචනික අයුරින් ජලය ලබාගෙන ඇති බව කියන කෝටිපති ව්‍යාපාරිකයකුට ලබන මස 21 දා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නොතීසි නිකුත් කළාය. මේ ස්ථානයේ භූ®ගත ටැංකියකට ජලය ලබාගෙන නළ ළිඳක් පරිහරණය කරන මුවාවෙන් ජලය පරිහරණය කරමින් සිටි බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ ක්‍රියාවෙන් රුපියල් හාර ලක්ෂ දෙදහස් හයසිය හතලිහක පාඩුවක් මණ්ඩලයට සිදුව තිබේ.

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ හදිසි වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය පොලිසිය හා එක්ව මේ වැටලීම සිදුකර තිබුණි. දැනට එම සිව්මහල් ගොඩනැඟිල්ලේ ජලය විසංදි කර ඇති අතර වංචනිකව ජලය ලබා ගැනීමට උපයෝගී කර ගත් භාණ්ඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව පොලිසිය වෙත නොපැමිණි බව කියන අදාළ ව්‍යාපාරිකයාට එසේ නොතීසි නිකුත් කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා