දයානන්ද දිශානායක විශ්‍රාම ලබයි නව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය

දයානන්ද දිශානායක විශ්‍රාම ලබයි නව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය

නව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මහින්ද දේශපි‍්‍රය මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටියි. මහින්ද දේශපි‍්‍රය මහතා අද (25) සිට මැතිවරණ කොමසාරිස් ලෙස පත්කිරීමේ ලිපිය ඊයේ ලබාදී තිබේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සිය තනතුරින් ඊයේ සිට විශ්‍රාම යාම නිසා ජනාධිපතිවරයා මේ පත්වීම සිදුකර ඇත. අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් සිටී. මහින්ද දේශපි‍්‍රය මහතා අම්බලන්ගොඩ ප්‍රජාපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් විය.

උසස් පෙළ සමත්වීමෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. හෙතෙම විද්‍යාවේදී උපාධිධරයෙකි. අවුරුදු පහක් පමණ කාලයක් ගුරුවරයෙක් ලෙස කටයුතු කළ දේශපි‍්‍රය මහතා 1983 දී මැතිවරණ දෙපාර්තමේන්තුවට බැදුණේය. දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් හෙබැවූ හෙතෙම අතිරේක මැතිවරණ කොමසාරිස් තනතුරට පත්ව ටික කලකට පසු මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත්විය.  හෙතෙම දෙදරු පියෙකි. විදේශ රටවල පැවැති මැතිවරණ කටයුතුවලද නිරත වී තිබෙන දේශපි‍්‍රය මහතා ඉන්දියාවේ හා නැගෙනහිර තිමොරේ මැතිවරණ මෙහෙයුම් නිලධාරියකු ලෙස කටයුතු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා