ඔරුවැල්ල ධීවර අතිරේකය එළිදැක්වේ

ඔරුවැල්ල ධීවර අතිරේකය එළිදැක්වේ
 

ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත “ඔරුවැල්ල” ධීවර අතිරේකය පිළිගැන් වූ අවස්ථාව. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහත්ම මහත්මීහුද මෙහි වෙති.
සේයාරුව - සුලෝචන ගමගේ

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත්, (ලේක්හවුස්) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් එක්ව ප්‍රකාශයට පත් කරන ‘ඔරුවැල්ල’ මාසික ධීවර අතිරේකය එළිදැක්වීම ඊයේ (24) ලේක්හවුස් ආයතනයේදී සිදුකෙරිණි. ලේක්හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතා ‘ඔරුවැල්ල’ ධීවර අතිරේකයේ පළමු කලාපය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඊයේ (24) පිළිගැන්වීය.

“ඔරුවැල්ල” ධීවර අතිරේකය සෑම මසකම දෙවන සිකුරාදා නිකුත් වෙයි. ධීවර කාර්මිකයන් පිළිබඳවත් එම ක්ෂේත්‍රය-කේෂ්ත්‍රයේ සංවර්ධන කටයුතු මෙන්ම වියයුතු සංවර්ධන කටයුතු පිළිබඳවත් “ඔරුවැල්ල” තුළින් පාඨකයාට දැන ගැනීමට හැකිවෙයි. මෙම ධීවර අතිරේකය දිනමිණ සමඟ නොමිලයේ පිරිනැමෙයි.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා