කිසිවකු ඉදිරියේ අපේ රට බාල්දු කරන්න එපා

කිසිවකු ඉදිරියේ අපේ රට බාල්දු කරන්න එපා

- ජනපති

විදේශයන් වෙත ගොස් අප රට පිළිබඳ බොරු බේගල් පැවැසීම වැදගත් පුරවැසියකුගේ ලක්ෂණයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කිසිවකු ඉදිරියේ අප රට කිසිවිටක බාල්දු නොකළ යුතු බව පැවැසූ ජනාධිපතිවරයා දියුණු යැයි සම්මත බටහිර රටවලට වඩා අභිමානවත් සම්ප්‍රදායක් අප රට සතු බව පෙන්වා දුන්නේය. ගෙදර ගිනි පිටත නොදීමත් පිටත ගිනි ගෙදරට නො ගැනීමත් වැදගත් බව බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ට දුන් අවවාදය අපගේ සෑම දියණියකට මෙන්ම රටක් ලෙස අනෙක් පුරවැසියන්ටත් අදාළ යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ කොළඹ, විශාඛා විද්‍යාලයේ 2010 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (04) එක් වෙමිනි. නවීන වීම යනු අපේකම අතහැර පිටරට විදියට ජීවත්වීම නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා නවීන වීම යනු දීන බවින් ඈත්ව වඩා සදාචාරාවත් වීම බව පෙන්වා දුන්නේය.

බටහිර රටවල් සිතන පතන ආකාරය අපට නොගැලපෙන බව කී ජනාධිපතිවරයා බටහිර දාර්ශනිකයන්ට ගරු කරන අතරම අපේ පඬිවරුන්ගේ අදහස් සිතේ කොටා තබා ගත යුතු බව වැඩිදුරටත් කීවේය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහ විශාඛා විද්‍යාලයාධිපතිනි සඳමාලි අරුවිප්පල මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා