සිය පුතු සඟවා කප්පම් ගන්න හැදූ පියා අත්අඩංගුවට

සිය පුතු සඟවා කප්පම් ගන්න හැදූ පියා අත්අඩංගුවට

තම 16 හැවිරිදි පුතා රහසිගත ස්ථානයක සඟවා ඔහු පැහැරගත්තේ යැයි ව්‍යාජ ලෙස පවසා පුතා බේරාගැනීමට අවශ්‍ය රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් පූජකවරයකුගෙන් ලබාගැනීමට තැත්කළ සැකකාර පියකු හලාවත කොස්වත්ත පොලිසිය විසින් ඊයේ (04) සවස අත්අඩංගුවට ගෙන ඇත.  තම පවුලට මූල්‍යමය සහ වෙනත් ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටි පූජකවරයකු රවටා සැකකරු මෙසේ ලක්ෂ පහක මුදලක් ගැනීමට තැත්කර ඇත.

මහිදී පොලිස් නිලධාරියකු ද පූජකයකු ලෙස වෙස් ගන්වා කප්පම ලබාදෙන පූජකයා සමඟ කප්පම ලබාදීමට ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. කප්පම් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ පහක් හා ළමයා පැහැර ගැනීමට යොදාගත් යතුරු පැදිය හා ජංගම දුරකථනයක්ද අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට දරුවාගේ පියා සහ එම දරුවාට රැකවරණය ලබා දුන් හලාවත දකුණු තොඩුවාවේ පුද්ගලයකු සමඟ අදාළ දරුවාද කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්වත්ත පොලිස් ස්ථානාධිපති එච්. පී. ආර්. ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා