පළඟැටි පොරයට පෙර

පළඟැටි පොරයට පෙර

සිය ජවය හා ශක්තිය රැකගනු පිණිස තරඟයකට පෙරදා රාත්‍රියේ මෙවුන්දම් සේවනයෙන් වැළකී සිටීම ක්‍රීඩකයන්ගේ සිරිත නමුත් චීනයේ ජනපි‍්‍රය ක්‍රීඩාවක් වන පළඟැටි පොරයට පිවිසෙන පළඟැටියන් ඒ සඳහා වඩාත් දිරිගන්වනු ලැබේ. ඒ උන්ගේ ශක්තිය වඩාත් තහවුරු වන බැවිනැයි පැවසී තිබේ. පිරිමි පළඟැටියන් පමණක් මේ පොරයට යොදවන අතර උන් එකකුගේ වටිනාකම ඩොලර් 300 ක් හෝ ඊට වැඩිවනු ඇත. මේ තරගවලින් ජයගන්නා පළඟැටියා අයත් පුද්ගලයාට රන් කුසලානයක් මෙන්ම ඩොලර් 300 ක තෑගි මුදලක් ද හිමිවන නමුදු ඒ සඳහා ඔට්ටු ඇල්ලීම චීනයේ තහනම්ය.
 


තරගයට පුඩිං කාලා මාරයාට අත වනලා

තරගයට පලතුරු පුඩිං කා පළමුතැන දිනාගෙන අම්ල ක්‍රීම් ජෝගුවක් හිමිකර ගත් යුක්‍රේනියානු ජාතික 77 හැවිරිදි පුද්ගලයකු තරගයෙන් පසු මියගොස් තිබේ. ඔහු සෙසු තරගකාරීන් අභිබවමින් තත්පර 30 කදී පලතුරු පුඩිං 10 ක් කෑමෙන් පසු දිනාගෙන තිබුණේ ක්‍රීම් ජෝගුවක් පමණි. යුක්‍රේනයේ සුප්‍රසිද්ධ අතුරුපසක් වන හතු හා චෙරි මිශ්‍ර පලතුරු රැසකින් සැකසුනු මේ පලතුරු පුඩිං තරගයෙන් ජය ගත් මුත් ඉන් විනාඩි ගණනකදී අසනීප වූ ඔහු අවසන් හුස්ම හෙළා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා