සාර්ක් තොරතුරු කේන්ද්‍රයේ මීළඟ සමුළුව කොළඹ දී

සාර්ක් තොරතුරු කේන්ද්‍රයේ මීළඟ සමුළුව කොළඹ දී

”පුද්ගලයන් අතර සබඳතාව වැඩි දියුණු කිරීම සඳහා සංචාරක කටයුතු ප්‍රවර්ධනයෙහිලා මාධ්‍ය කාර්යභාරය” යන්න තේමාව කරගත් සාර්ක් තොරතුරු කේන්ද්‍රයේ මීළඟ සමුළුව කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇත. පසුගිය දෙසැම්බර් මස 2 හා 3 දිනයන්හිදී නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති පාලන මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.

මෙවැනි තීරණයක් ගැනීම සහ එය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාකිරීම ගැන මාධ්‍ය සහ තොරතුරු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සංචරණය සිය ප්‍රණාමය පිරිනමයි. ’’මහින්ද චින්තනයට’’ අනුකූලව ජාතික සංවර්ධන සැලසුම යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බහුවිධ වැඩපිළිවෙළක් දියත් කර ඇති මෙවන් අවධියක එය සාක්ෂාත් කර ගැනීමට අදාළ මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයන් තමා සතුටට පත්වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පවසයි. එමෙන්ම 2011 වසර ශ්‍රී ලංකාවේ සංචාරක වසර වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී කොළඹ මෙවැනි සමුළුවක් පැවැත්වීම ඉතාම කාලෝචිතය.

තවද, කොළඹ සහ තවත් ප්‍රාදේශීය නගර කිහිපයක කලාපීය සහ ජාත්‍යන්තර සමුළු, වැඩමුළු ආදිය පැවැත්වීමට ශ්‍රී ලංකාව ඉතා විශිෂ්ට ස්ථානයක් ලෙස ආසියානු කලාපය තුළ මෙන්ම සමස්ත ලෝකයට හඳුන්වාදීමට රජය පෙරමුණ ගෙන සිටී. මෙවැනි වාතාවරණයක් යටතේ මේ වසරේදී ඉහත සමුළුව ශ්‍රී ලංකාවේ සංවිධානය කිරීම ඉතාම උචිත සහ වාසිදායක වනු ඇතැයි මගේ අදහසයි. සංචාරක කටයුතු ප්‍රවර්ධනයේලා මාධ්‍ය සුවිශේෂ කාර්ය භාරයක් ඉටුකරයි. මෙය සාක් කලාපයට පමණක් සීමා නොවන අතර සමස්ත ලෝකයටම පොදුය. සංචාරය සඳහා සූදානම් අයට නව සිත් ආකර්ෂණීය ස්ථාන හඳුන්වා දීමටත්, ප්‍රචලිත ස්ථාන සංචාරක ප්‍රජාව අතර තවදුරටත් ප්‍රචලිත කිරීමටත් මාධ්‍ය කටයුතු කරයි.

අන්තර්ජාලය ඇතුළු අති නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සන්නිවේදන ජාලයන් කාර්යක්ෂම කර ඇති අතර වැඩි තොරතුරු සම්භාරයක් සැපයීමට කටයුතු කර ඇත. නූතන මාධ්‍ය සහ සන්නිවේදන මෙවලම් සංකීර්ණය එම නිසා සංචාරක කටයුතු ප්‍රවර්ධනය සඳහා වඩාත්ම සුදුසු සහ වේගවත්ම මෙවලම් හඳුනා ගැනීමේ අභියෝගයට මුහුණ දිය යුතුවේ.මෙවන් අවධියක අදාළ සියලුම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සාක් කලාපය තුළ මෙවැනි සමුළුවක් පැවැත්වීම ඉතාම ඵලදායක වනු ඇත.

සාක් කලාපීය රටවල අන්‍යෝනය යහපත උදෙසා මෙවන් සමුළුවක් කොළඹ දී සංවිධානය කිරීමට ලැබීම අපගේ සතුටට කරුණකි. මෙම සමුළුවට සහභාගීවීම උදෙසා ඔබගේ ඡන්ද කොට්ඨාස තුළ කිරීමට කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් ඔබට පසෙක දැමීමට සිදු වූ බව අපි දනිමු.

අපගේ සම්භාවනීය විදේශීය නියෝජිතයන් සහ මහ ලේකම් ලක්ෂ්මි බිලාජ් කොයිරාල මැතිතුමිය සමඟ මෙම සමුළුවට පිළිගැනීමට ලැබීම භාග්‍යයක් වශයෙන් සලකමි. මාධ්‍ය සහ තොරතුරු අමාත්‍යාංශය වෙනුවෙන් ඔබ සැම මෙම සමුළුවට ඉතාම ගෞරවයෙන් පිළිගන්නෙමි. අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මි බිලාජ් කොයිරාල මැතිතුමියනි මෙම සමුළුව සාර්ථක කර ගැනීමේ ලා පසුගිය සති කිහිපය තුළම ඔබ කොතරම් වෙහෙසක් දැරීද යන්න පිළිබඳව මට සිතාගත හැකිය. ඔබගේ සහාය නොලැබුණේ නම් අපට කොළඹ දී මෙම සමුළුව සංවිධානය කර ගැනීමට අපහසුවනු ඇත.

ඔබතුමන් සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු පන්කාජ් පන්ඩි මහතාද අපි සාදරයෙන් පිළිගන්නෙමු. මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලයෙන් පැමිණි අපගේ සම්භාවනීය අමුත්තන්ද උණුසුම් ලෙස පිළිගන්නෙමි. ’’පුද්ගලයන් අතර සබඳතාව වැඩි දියුණු කිරීමට සංචාරක කටයුතු ප්‍රවර්ධනයේ ලා මාධ්‍ය කාර්ය භාරය’’ යන තේමාව යටතේ වූ මෙම දෙදින සමුළුව ඔබට ප්‍රයෝජනවත් සාර්ථක සමුළුවක් වේවායි ශුභාසිංසනය කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා