ජනපති ජන්ම දින සමරා රට පුරා පින්කම්

ජනපති ජන්ම දින සමරා රට පුරා පින්කම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 66 වන ජන්ම දිනය සමරමින් දිවයින පුරා පින්කම් මාලාවක් සිදු කෙරේ.

බෙල්ලන්විල රජමහා විහාරය මූලිකත්වයෙන් එකම ආකාරයට තැනූ පිරිත් මණ්ඩප 66 කදී එක් මණ්ඩපයක මහා සඟරුවන 12 නමකගේ සහභාගිත්වයෙන් 18 දින රාත්‍රී පහන් වනතුරු පිරිත් සජ්ක්‍ධායනයක් පැවැත්වේ.

මේ සඳහා රටම ආවරණය වන පරිදි ඈත පිටිසර පන්සල්, කෝවිල්, පොලිස් ස්ථාන, යුද හමුදා කඳවුරුවලදී මෙම පිරිත් සජ්ඣායනයන් සිදුකෙරේ. රටට සහ ජනතාවට ආසිරි පැතීමේ අරමුණින් පිරිත් සජ්ඣායනය මූලික කර පැවැත්වෙන මෙම පින්කම් මාලාවේදී ගලෙන්බිඳුණුවැව ගල්මඩුව ශෛලබිම්බාරාමයේදී සිසු දරුවන් 100 කට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද, විශ්වවිද්‍යාල සිසුන් 10 කට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 100 කට මාසික සහනාධාර මල්ලක් ද, වෛද්‍ය සායනයක් හා ඇස් කණ්ණාඩි බෙදා දීමක් ද, නොවැම්බර් මස 18 දින දවස පුරා සිදුකෙරේ.

එදිනම සවස 5 සිට 8 දක්වා බෝධි පූජාවක් ද, රාත්‍රී 9 සිට පසුදා පහන් වනතුරු පිරිත් සජ්ක්‍ධායනයක් ද, 19 හීල් දානමය පින්කමක් 50 නමක් සංඝයා විෂයෙහි පැවැත්වේ. රණවිරුවන්ට ඇඳුම් පැළඳුම් ප්‍රදානයක් ද සිදුකෙරේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා