අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවටවීසා ගාස්තු පහතට

අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවටවීසා ගාස්තු පහතට

අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකාවට වීසා ලබාගැනීමේදී අය කරන ගාස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

ඒ අනුව සාර්ක් රටවල සාමාජිකයන්ගෙන් අය කරන වීසා ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 10 දක්වාද අනෙකුත් රටවල සාමාජිකයන්ගෙන් ඒ සඳහා අය කරන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 20 දක්වාද සංශෝධනය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මීට පෙර අන්තර් ජාලය හරහා ශ්‍රී ලංකාවට වීසා ලබා ගැනීමේදී විදේශිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් 50 ක ගාස්තුවක් ගෙවීමට සිදුවූ බව පෙන්වා දෙන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංශෝධිත නව මිල ගණන් 2012 වසරේ සිට ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කරයි. වීසා ගාස්තු වශයෙන් අය කෙරෙන මිල ගණන් පහත හෙළන ලෙස විදේශීය රටවලින් ඉල්ලීම් කරන ලද අතර එම ඉල්ලීම් සලකා බලමින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා ආගමන හා විගමන පාලක ජනරාල් චූලනන්ද පෙරේරා මහත්වරු සහ තවත් නිලධාරීන් පිරිසක් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම මිල ගණන් පහත දමා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා