බස් වර්ජනයක්

බස් වර්ජනයක්

පෞද්ගලික බස් වර්ජනයක් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද මේ තීරණයටම එළඹ ඇතැයි එම සංගමයේ ලේකම් අංජන පි‍්‍රයංජිත් මහතා ප්‍රකාශ කෙළේය.

ඩීසල් මිල රුපියල් අටක්ම වැඩිවීම නිසා බස් හිමියන්ට දැරීමට සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා බස් ගාස්තු වැඩි කිරීම හෝ ඩීසල් පරණ මිලට ලබා දෙන ලෙස හෝ සංගම් ඉල්ලා ඇතත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මේ තීරණයට එළඹි බව එම සංගම් කියා සිටියි.

මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පවත්වාගෙන යන බව එම සංගම් “දිනමිණට” පැවසීය. වර්ජනයක් පැවැත්වුවහොත් මගීන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ලංගම බස්රථ වැඩිපුර යෙදවීමට ද කටයුතු කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා