නිවාසාන්තර ක්‍රීඩා

නිවාසාන්තර ක්‍රීඩා

පොල්වත්තාකන්ද විද්‍යාලය

රත්තොට පොල්වත්තාකන්ද විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල හෙට (03) පෙරවරු 9.00ට විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

අලකොලමඩ විද්‍යාලය

මාතලේ අලකොලමඩ විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල හෙට (03) පෙරවරු 10.00ට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, මධ්‍යම පළාත් ඇමැති බන්දුල යාලෙගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මො/මැදගම ජාතික පාසල

මො/ මැදගම ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හෙට (03) පස්වරු 2.00ට අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ගාමිණි විජිත් විජයමුණි සොයිසා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කැලණිය ගුරුකුල

කැලණිය ගුරුකුල විද්‍යාලයීය ක්‍රීඩා උළෙල අද (2) පෙ.ව. 10.00 සිට 2.00 දක්වා බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා