ගම්පහ සියනෑ තරු - බොරලැස්ගමුව බලරැස කොස්වාඩිය විජය – රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පෙරමුණේ

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

ගම්පහ සියනෑ තරු - බොරලැස්ගමුව බලරැස කොස්වාඩිය විජය – රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පෙරමුණේ

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග අවසානයේ ගම්පහ සියනෑ තරු හා බොරලැස්ගමුව බලරැස කණ්ඩායම් පිරිමි අංශයෙන්ද, කොස්වාඩිය විජය හා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කාන්තා අංශයෙන්ද පෙරමුණට පිවිස සිටියහ.

තරගාවලියේ අවසන් මහා තරග ඉදිරි දිනවලදී නිට්ටඹුවේදී පැවැත්වීමට නියමිතය. මේ අවසන් පූර්ව තරග සඳහා ඉහත කණ්ඩායම්වලට අමතරව නාත්තන්ඩිය යුනයිටඩ් හා දෙබෑගම රන්තරු පිරිමි කණ්ඩායම්ද, දෙනියාය ශාන්ත මැතිව්ස් හා ඇහැළියගොඩ ධර්මපාල කාන්තා කණ්ඩායම්ද සුදුසුකම් ලබා සිටිති.

කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියේ ජාතික මට්ටමේ තරග වටයට උතුරු නැගෙනහිර පළාත්ද ඇතුළුව දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් කණ්ඩායම් 49ක් සහභාගි වීම විශේෂත්වයක් විය.

තරගාවලිය සඳහා ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රාහකත්වය දැක්වූ අතර කහවත්තේදී ජාතික මට්ටමේ තරග සඳහා සහභාගි වූ සියළු කණ්ඩායම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 18කට ආසන්න මුදලක් වැය කරමින් මුදල් ත්‍යාග සහ වොලිබෝල් ක්‍රීඩා උපකරණ ප්‍රදානය කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා