රාජ්‍ය සේවා පාපන්දු සූරතාව රත්නපුර මහ නගර සභාව දිනයි

රාජ්‍ය සේවා පාපන්දු සූරතාව රත්නපුර මහ නගර සභාව දිනයි

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා පාපන්දු සංගමය මගින් පැවැත්වූ රාජ්‍ය සේවා පාපන්දු තරගාවලියේදී කොළඹ මහ නගර සභා කණ්ඩායම පරදවා ගෝල 3-0 ක් ලෙස සූරතාව දිනාගැනීමට රත්නපුර මහ නගර සභා කණ්ඩායම සමත්විය.

රත්නපුර ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී රත්නපුර මහ නගර සභා කණ්ඩායම වෙනුවෙන් ඒ.ඒ. ශාන්ත ගෝල 2ක් හා කණ්ඩායම් නායක තුසිත මාධව සමරවික්‍රම ගෝලයක් ලබා ගත්හ.

තරගයේ පළමු භාගයේදී ගෝල 3ම වාර්තා කරගනු ලැබූ රත්නපුර මහ නගර සභා කණ්ඩායමට අභියෝගයක් ගෙන දීමට කොළඹ මහ නගර සභා කණ්ඩායම අසමත් විය.

කුසලාන සහ සහතික පත් ප්‍රදානය ශ්‍රී ලංකා රාජ්‍ය සේවා පාපන්දු සංගමයේ සභාපති කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසාර් සාලි, රත්නපුර මහ නගරාධිපති කපිල් වික්‍රමනාත් අබේරත්න, සබරගමු නියෝජ්‍ය පොලිස්පති ඩි. උපාලි කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා