මුරලි යළි එංගලන්තයට

මුරලි යළි එංගලන්තයට

හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් එංගලන්තයේ විස්සයි20 ප්‍රාන්ත තරගාවලියට සහභාගිවීම සඳහා යළිත් ග්ලොස්ටර්ෂයර් කණ්ඩායමට එක්වී සිටියි. මේ තරගාවලියේ පසුගිය තරගවාරයේදි කඩුලු 12ක් බිඳ දැමූ මුරලිදරන් එවර ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත පිලේ සාර්ථකම පන්දු යවන්නා විය.

39 හැවිරිදි මුරලිදරන් නැවත සිය කණ්ඩායමට එක්වීම පිළිබඳ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්ත පිලේ ක්‍රීඩකයෝ මෙන්ම කළමනාකාරීත්වයද ඉමහත් සතුටට පත්ව සිටිති.

“මුරලි යළි අප අතරට පැමිණීම ගැන කණ්ඩායමක් ලෙස අප ඉමහත් සතුටට පත්වෙනවා. ඔහුගේ අත්දැකීම් පසුගිය වසරේදී අපට ඉතා වැදගත් වුණා” ග්ලොස්ටර්ෂයර් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙන්ටේල් පැවැසීය.මෑතකදී මුරලිදරන් නවසිලන්තයේ අන්තර් සමාජ විස්සයි20 තරගාවලියට ද සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා