දැයට කිරුළ කාන්තා කබඩි අවසන් තරගය 5දා

දැයට කිරුළ කාන්තා කබඩි අවසන් තරගය 5දා

දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව පැවැති කාන්තා කබඩි තරගාවලියේ අවසන් තරගයට කුරුණෑගල සහ ගම්පහ කාන්තා කණ්ඩායම් තේරී පත්විය. අවසන් තරගය 5 වැනිදා අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී පැවැත්වේ.

වසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට පළාත් කාන්තා කබඩි කණ්ඩායම් රැසක් පසුගියදා රත්නපුර නවනගරයේ පිහිටි ගෘහස්ත ක්‍රීඩාගාරයේදී තරග වැදුණි. දිවයිනේ පළාත් නවය නියෝජනය කරමින් කාන්තා කබඩි කණ්ඩායම් නවයක් අර්ධ අවසාන තරගය සඳහා තරග වැදුණු අතර ගාල්ල සහ ගම්පහ අතරත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා කබඩි කණ්ඩායම් අතරත් අර්ධ අවසාන තරග පැවැත්විණි. එම අර්ධ අවසාන තරගාවලියේ ජය ලැබූ කුරුණෑගල සහ ගම්පහ කාන්තා කබඩි කණ්ඩායම් මෙසේ අවසන් තරගය සඳහා තේරී පත්විය.

පළාත් මට්ටමින් පිරිමි කබඩි අර්ධ අවසන් තරග ඊයේ රත්නපුර නවනගර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා