පොලිසියේ සුධීර පළමු අදියර ජය ගනී

දැයට කිරුළ පාපැදි

පොලිසියේ සුධීර පළමු අදියර ජය ගනී

දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාපැදි තරගයේ මුල් අදියරේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියේ සුධීර නිලංග සමත් විය. ඔහු ඒ සඳහා ගත කළ කාලය පැය 4:03.16 කි.

ගුවන් හමුදාවේ ශිරාන් නදීර (පැය 4:03.16) දෙවන ස්ථානයට හා යුද හමුදාවේ සමීර චතුරංග (පැය 4:03.16) තෙවන ස්ථානයට ද පත්විය.

තංගල්ල කාල්ටන් නිවස අසලින් පෙරවරු 8.00ට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ආරම්භක සංඥාවෙන් ඇරැඹි තරගය අවිස්සාවේල්ලෙන් නිමාවට වූයේ කිලෝ මීටර් 160ක් දුරක් ගෙවමිනි. මේ තරගයේ වේගය මැනීමේ කාල සීමා කඩඉම් (sprint) ජයගැනීමට යුද හමුදාවේ සමීර චතුරංග සමත්විය. තරගය සඳහා තරග කරුවන් 93ක් සහභාගී වූ අතර තරගයේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් 39.33කි.

අදියර තුනකින් සමන්විත වන මේ පාපැදි සවාරියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 390ක් වන අතර දෙවැනි අදියර අද රුවන්වැල්ල නගරයෙන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී මාතලෙන් අවසන් වීමට නියමිතය. දෙවැනි අදියර කිලෝ මීටර 115කින් සමන්විත වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා