වේයන්ගොඩ නිවාස තුනක් බිඳ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කරලා

වේයන්ගොඩ නිවාස තුනක් බිඳ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කරලා

* සැකකරු ඇප මත මුදාහරියි

* විත්තිකරු පොලිසියට කට්ටිපැන්න අයෙක්

දිවා කාලයේ වේයන්ගොඩ පොලිස් වසමේ නිවෙස් 3 ක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයේ රඳවා සිටි විත්තිකරුවකුට එම ගෙවල් බිඳුම් නඩු 3 වෙනුවෙන් වෙන් වෙන්ව රු. 1500 බැගින් රු. 4500 ක් මුදල් ඇප සහ රු. 1,50,000 ක ශරීර ඇප මත මුදාහැරීමට අත්තනගල්ල අතිරේක දිසා විනිසුරු බී. ඩී. ආර්. සිසිර කුමාර මහතා නියෝග කෙළේය.

ඊට අමතරව විත්තිකරුට සෑම මසකම අවසන් ඉරුදින වේයන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරිණි. එම නියෝගය කඩ කළහොත් විත්තිකරු නැවත රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගය පවත්වාගෙන යෑමට ද විනිසුරුවරයා නියම කෙළේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විත්තිකරු 2007 වර්ෂයේදී මෙම ගෙවල් බිඳුම් සිදුකර පොලිසිය මඟහැර සිටි අයකු බව ද අධිකරණයේදී හෙළිවිය. වේයන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ සැරයන් (3789) කුමාරසිරි මහතා පැමිණිල්ල මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා