ගුණසේකර මහත්තයාට හාමුදුරුවන් ඉදිරියේ ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා

ගුණසේකර මහත්තයාට හාමුදුරුවන් ඉදිරියේ ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙලා

ගුණසේකර මහතා ඉංගී‍්‍රසි, සිංහල, දෙමළ භාෂා ත්‍රිත්වයම උගත් මැදිවියේ පුද්ගලයෙකි.ගණකාධිකාරවරයකු ලෙස දමිළ වෙළෙඳ ආයතනයක සේවය කරන ගුණසේකර මහතා නිවෙසේ අයට කතා කරන විටදී පවා ඉංගී‍්‍රසි, සිංහල, දෙමළ මිශ්‍රව කතාකිරීමට පුරුදුව සිටියේය.

දිනක් සවස් යාමයේ හෙතෙම හීන් අඩියක් ගසා නිවෙසේ ඉස්තෝප්පුවේ හිඳගෙන පුවත්පතක් බලමින් සිිටි අතර එකවරම බිරිය “ඒයි අන්න නායක හාමුදුරුවො වඩිනවා නැටිගින්න” යැයි කීවාය. ස්වාමින් වහන්සේ නමකට ආමන්ත්‍රණය කිරීමට ඊට ආවේණික වචන සමුදායක් ඇති බව මතක් කළත් ගුණසේකරට ජන්මයට වඩා පුරුද්ද මතු විය.

”කම් කම්, උක්කාරුංග දොරේ” යැයි හාමුදුරුවන්ට ඇමතූ විට ගුණසේකර මහතාගේ බිරිය මුහුණ ඇඹුල් කරගත්තාය. ”සමාවෙන්න අවසර, මෙයා මේ අවුරුදු ගණනාවක් දෙමළ කොම්පැණියක.... ”නෑ නෑ කාරි නැහැ මම දන්නව නොව ගුණසේකර මහත්තයගේ පුරුද්ද කියමින්” හාමුදුරුවෝ සිනහමුසුව අසුන් ගත්හ.

කෙසේ හෝ මෙම සිද්ධිය දැනගත් ගමේ තරුණ කැල ගුණසේකර මහතා මඟදි මුණගැහුණ විට “කම් කම් උක්කාරුංග දොරේ” කියන විට ඔහුගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගැනීමට හැකි වූයේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා