ගම්පහ වැඩිහිටි නිවෙසකට දේපල දන්දුන් පින්වන්ත වියපත් මවක්

ගම්පහ වැඩිහිටි නිවෙසකට දේපල දන්දුන් පින්වන්ත වියපත් මවක්

මමවුපියන්ගෙන් තමන්ට උරුම වූ දේපළ කාත්කවුරුත් නොමැති අසරණයන් සඳහා කැපකර වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන ආදර්ශවත් මවක් යක්කල - වරපලාන ප්‍රදේශයේ සිටින්නීය. ඇය ලීලාවතී මැණිකේ විතානය.ඇය අවිවාහක ය.

වැඩිහිටි නිවාසයේ සිටින මවුවරු පිරිසක් (වාඩිවී සිටින්නේ ලීලාවතී මහත්මියයි)
ඡායාරූපය - හෙනරත්ගොඩ සමූහ

තමාගේ සියලු දේපළත්, ශ්‍රමයත්, කාලයත් වැඩිහිටි නිවාසය වෙනුවෙන් ඇය කැපකර සිටින්නීය. වරපලාන ප්‍රදේශයේ පිහිටි මේ වැඩිහිටි නිවාසය ද ඇයගේ නමින් නම්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිටින අසරණ වැඩිහිටියන් 18 දෙනෙක් මෙහි සිටිති. ඔවුනට උපස්ථාන කරන්නේ ලීලාවතී ය.

මේ වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාම සඳහා ඇයට ප්‍රදේශවාසින්ගේ ආධාර උපකාර ලැබේ. වැඩිහිටි නිවාසයට එන මාර්ගයට කොන්ක්‍රීට් දමා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා විසින් සාදා දුන් බවද ලීලාවතී විතාන මහත්මිය කීවා ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා