පුතා - නැන්දාගේ අනියම් පෙම්වතා වෙලා ගුටිබැටවලින් තුවාළ ලැබූ නැන්දා රෝහලේ

පුතා - නැන්දාගේ අනියම් පෙම්වතා වෙලා
ගුටිබැටවලින් තුවාළ ලැබූ නැන්දා රෝහලේ

සිය නැන්දා සමඟ අනියම් පෙම් සබඳතාවක් පැවැත්වූ තරුණයකු ගැන පුවතක් රඹුක්කනට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ ය.තම පියාගේ නංගී සමග (නැන්දා ) මේ තරුණයා කාලයක් තිස්සේ කාටත් හොරෙන් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.

කාලයක් ගතවෙද්දී කෙමෙන් කෙමෙන් මෙම පවුල් දෙකේ අයට මේ ගැන දැන ගන්නට ලැබී තිබේ. පවුල් දෙකේ වැඩිහිටියෝ ඔවුනට නොදැනෙන්න ඒ ගැන විපරමින් සිටියහ. කාරණය සත්‍යයක් බව එහිදී ඔව්හු දැනගත්හ. ඒ නිසා පවුල් දෙක අතර ටිකින් ටික මතභේද ඇතිවුණි.

පසුගිය දිනක මේ ප්‍රශ්නය පිළිබඳ පවුල් දෙකේ අය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. කරාටේ පුහුණුව ලබා සිටි අයියාගේ බාල පුතා එතැනට පැමිණ චූස් චූස් හඬ නංවමින් නැන්දාට හා තවත් අයකුට පහර දී තිබේ. තුවාල ලැබූ අය රඹුක්කන රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සිද්ධිය ගම පුරාම පැතිර යාම නිසා මේ පවුල් දෙකේ අයට ගම්වැසියන්ට මුහුණ දීමට නොහැකිව සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා