ගම්පහ කෝට්ටේගොඩ මිනීමැරුම : සිවු දෙනකුට ඇප: අයෙක් බාරවෙයි

ගම්පහ කෝට්ටේගොඩ මිනීමැරුම : සිවු දෙනකුට ඇප: අයෙක් බාරවෙයි

* ඝාතනය සිදුවුණේ 2011 ජුනි 28
* සෑම ඉරිදාම පොලිසියේ පෙනි සිටින්නැයි සැකකරුවන්ට නියෝග

ගම්පහ පොලිස් වසමට අයත් කෝට්ටේගොඩ දී 31 හැවිරිදි පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් 05 දෙනාගෙන් 04 දෙනකුට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය එක්අයකුට රුපියල් 25000/- බැගින් මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගල ඇප දෙකක් ද නියම කළා ය.

ඇප තැබීමෙන් පසු සෑම මසකම ඉරිදා දිනයන්හි පෙරවරු 9 - 12 අතර කාලය ඇතුළත ගම්පහ පොලිසියේ අපරාධ අංශයට වාර්තා කළ යුතු බවටද නියෝග කළා ය. 2011 ජුනි 28 දිනයේදී ගම්පහ ඔරුතොට කෝට්ටේගොඩ දී තරංග සංජීව ප්‍රනාන්දු ඝාතනයට ලක්විය.

සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කර තිබූ අතර ඉන් සිවුදෙනකු ඇප අයැදුම්කොට තිබුණි. මේ සිද්ධියේ පස්වන සැකකරු මෙයට සති කිහිපයකට පෙර ගම්පහ පොලිසියට බාර වී තිබුණි. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුමුදු හේවගේ මහතා පෙනී සිටියේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා