බිරිය සහ දරුවන් එළියට ඇද දමා සැමියා නිවෙසට ගිනි තබලා

බිරිය සහ දරුවන් එළියට ඇද දමා සැමියා නිවෙසට ගිනි තබලා

* දරුවන්ගේ පාසල් පොත් බෑග් සපත්තු ගින්නට බිලි

* පාසල් යන්න විදියක් නෑ

සිය බිරිය හා දරුවන් හතරදෙනකු එළියට ඇද දමා නිවෙසට ගිනි තබා විනාශ කළ පියකු සම්බන්ධයෙන් මාතලේ පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතා නිවෙසට ගොස් කරුණු විමසා සිද්ධිය ඇසින් බලා දරුවන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් හා සපත්තු ආදියෙන් සංග්‍රහ කරන්නට සිතා ගත්තේය.

සැමියා නිතර සුරාවට පුරුදු වූ කෙනෙකි. වයස අවුරුදු 16 සිට මතින් තොර දිනයක් ගත කර නැති තරම්ය. එදිනෙදා ජීවනෝපාය වූයේ කුලී වැඩය. බිරියද කුලී වැඩ සඳහා පිටත්ව යාම සිරිතකි.

දරුවන් හතරදෙනා ගිනිගත් නිවස අසල.

දෙන්නා දෙමාල්ලන්ගේ අඩදබර නැති දවසක් නැති තරම්ය. නිවසට ගිනි තබන අදහස දෙන්නා අතර බහින්බස් වූ දිනයන්හි නිතර කියන කථාවකි.

බිරිය හා හාදකමක් මත විවාහ ජීවිතය ආරම්භ කර ඇත. එදා සිට අද වනවිට අවහිර කරදර නැති දිනයකුදු නොමැත. සැමියා රැකියාව වශයෙන් කළේ අතිවිශාල කුලුණු ඉදිකිරීමයි.

එයට දක්ෂතා ඇති අයෙකි. එහෙත් සියල්ලටම වඩා පුරුදුව සිටියේ බීමත්කමටයි. මේ අතර එක් රාත්‍රියක ඔහු මතින් පදම් වී නිවෙසට පැමිණ බිරිය හා දරුවන් එළියට ඇද දමා ගිනි තැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ද ලැබිණ. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය. පාසල් යන දරුවන් දෙදෙනකු හා පෙර පාසල් වයසේ දරුවන් දෙදෙනකු ද ඒ අතර වේ.

ඇල්වල මහා විදුහලේ ඉගෙනුම ලබන පවිත්‍ර හා පි‍්‍රයංකාට පාසලට ඇඳගෙන යන්නට සුදු ගවුම්, සපත්තු, පොත් දකින්නටවත් නැති තරම් අඩු විය.  දෙන්නා හැඬූ කඳුළින් සිටියදී මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතා ළමයින්ට අවශ්‍ය උපකරණ කළමනා ආදිය සපයාදීමට තරම් කාරුණික විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා