ඉබ්බාගමුවේ සංගමු විහාර සෙල් ලිපිය අනතුරේ

ඉබ්බාගමුවේ සංගමු විහාර සෙල් ලිපිය අනතුරේ

මෙරට ඇති පැරැණිතම යුද සාම ගිවිසුම වශයෙන් සැලකෙන සංගමු විහාර සෙල්ලිපිය මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැතිව වැස්සට හසුවී අව්වට වේලෙමින් විනාශ වෙමින් පවතින බව දක්නට ලැබේ.

කුරුණෑගල නුදුරු, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැද්දෙකැටිය ගම අසළ උඩ බුලත්ගම ප්‍රදේශයේ රමණීය ස්ථානයක පිහිටි සංගමු විහාරය අසළ ගල්තලාවක් මත මෙම සෙල්ලිපිය පිහිටා ඇත.

පළමුවැනි පරාක්‍රමබාහු සහ දෙවැනි ගජබාහු රජවරුන් අතර යුද්ධ නොකිරීම සම්බන්ධයෙන් ඇතිකරගත් සාම ගිවිසුමක් පිළිබඳ තොරතුරු මෙම සෙල්ලිපියෙන් අනාවරණය වෙයි. 12 වැනි සියවසෙහි පිහිටුවන ලද මෙම සෙල්ලිපිය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වුවද, අද එය පවතිනුයේ සුදුසු රැකවරණයක් නොමැතිව ස්වභාවිකව විනාශයට ගොදුරු වෙමිනි.

මධ්‍යකාලීන සිංහල අක්‍ෂරවලින් මෙම සෙල්ලිපිය ලියා ඇතත් මේ වන විට එම අකුරුද මැකී යමින් පවතී. සංගමු විහාරස්ථානයට විදුලිය ලබා නොදීම මෙහි දක්නට ලැබෙන බලවත් අඩු පාඩුවකි. මැතිවරණයක් ළංවන විට පැමිණෙන දේශපාලඥයින් ඒ පිළිබඳ ලබාදෙන පොරොන්දු ඡන්ද කාලයට පමණක් සීමා වී තිබේ.
 

සෙල්ලිපිය වටා ඇති ආරක්ෂක බැම්ම සහ වහලය

අකුරු මැකී යමින් ඇති සෙල්ලිපිය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා