රත්තොට පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු

රත්තොට පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු

වසර 40ක් පැරණි රත්තොට නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි සියලුම ජල යෝජනා ක්‍රම විධිමත් කර ජනතාවට පානීය ජල පහසුකම් සලසාදීමට රත්තොට ප්‍රාදේශීය සභාව සැලසුම් කර ඇත.

ඒ සඳහා රජය රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. ඩී. ජයතිස්ස මහතා පැවැසීය.

මේ යටතේ රත්තොට දික්කුඹුර, බමරකිරිඇල්ල – දන්කන්ද දඹගොල්ල, නෙළුවාකන්ද, ගාලේකොළුව හා බණ්ඩාරපොළ ජල යෝජනා ක්‍රම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර ජනතාවට හිඟයකින් තොරව පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා