වොස්නියැකිට ටෙනිස් කිරුළක්

වොස්නියැකිට ටෙනිස් කිරුළක්

එස්ටෝනියාවේ කයිකා කනේපී ලකුණු 6-1ක් සහ 6-0ක් ලෙස පරාජය කරමින් කොරියානු විවෘත ටෙනිස් කිරුළ අත්කරගැනීමට අන්තර් ජාතික ටෙනිස් පිටි‍යේ හිටපු අංක එකේ ක්‍රීඩිකා ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි සමත්වූවාය.

අමෙරිකානු ඩොලර් මිලියන භාගයක තෑගි මල්ලක් හිමිවෙන ‍‍කොරියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව වොස්නියැකි දිනාගත්තේ අන්තර් ජාතික වශයෙන් ඇගේ ශ්‍රේණිගත කිරීම අවදානමකට ලක්වී තිබෙන මොහොතකය.

අවසන් පූර්ව වටයේ දී රුසියා‍වේ එකටෙරීනා මකරෝවා ලකුණු 6-1ක්, 5-7ක් සහ 6-4ක් ලෙස පරාජය කිරීමට වොස්නියැකි සමත්වූවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා