ඩක්වර්ත් ලුවිස් ඔස්ට්‍රේලියාව දිනවයි

ඩක්වර්ත් ලුවිස් ඔස්ට්‍රේලියාව දිනවයි

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පෙරේදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාවට සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බ‍ටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස් කළේය.

සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පන්දු 33කදී ලකුණු 54ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 5ක් හා හයේ පහර 4ක් ඇතුළත් විය.

මාලන් සැමුවෙල්ස් හ‍තරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් පන්දු 32කින් ලකුණු 50ක් වාර්තා කළේය.

ලකුණු 192ක ඉලක්කයක් සමගින් පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව ඕවර 9.1 කදී එක් කඩුල්ලකට ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය පවත්වාගෙන යෑමට නොහැකි නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය ලබාදීමට තිරණය විය. ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඕවර 9.1කදී ජයග්‍රහණය සඳහා ලකුණු 84ක ඉලක්කයක් හිමිවි තබු අතර ඒ වන විටත් ඔස්ට්‍රේලියාව එම ඉලක්කය පසුකර තිබිම හේතුවෙන් ලකුණු 17ක ජයක් ඔස්ට්‍රේලියවට හිමිවිය. තරගයේ වීරයා ෂේන් වොට්සන්

බටහිර ඉන්දීය කොදෙව්: 191/8 (ඕවර 20) ක්‍රිස් ගේල් 54, මාලන් සැමුවෙල්ස් 50 (මිචෙල් ස්ටාක් 35/2)

ඔස්ට්‍රේලියාව: 100/1(ඕවර 9.1) සෙන් වොට්සන් නොදැවී 41, මයිකල් හසී නොදැවී 28 (ෆිඩෙල් එඩ්වර්ඩ්ස් 16/1)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා