ලක්‍ෂ 160ක වියදමින් ඉදිකළ මාවතගම අකාඩේ පාලම ජනතා අයිතියට

ලක්‍ෂ 160ක වියදමින් ඉදිකළ මාවතගම අකාඩේ පාලම ජනතා අයිතියට

ආයුර්වේද මධ්‍යස්ථාන, නව පාසල්, පානීය ජල ව්‍යාපෘති, මාර්ග, පැති බෑවුම්, විදුලි බලය, පාලම්, මේ සෑම ක්‍ෂෙත්‍රයක් කෙරෙහිම අපේ අවධානය යොමුකර තිබෙනවා යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව පාලම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නෙරංජන් වික්‍රමසිංහ මහතා විවෘත කළ අයුරු. මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා, උප සභාපති කමල් පෙරේරා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන නිමල් විජේසූරිය, අසෝක ප්‍රේමදාස, ප්‍රාදේශීය මහ ලේකම් ඊ. එම්. එස්. ඒකනායක යන මහත්වරු ද අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - මාවතගම සමූහ

ඒ මහතා එසේ පැවසුවේ මාවතගම, අකාඩේ පාලම විවෘත කරමිනි.

ලක්‍ෂ 160ක ප්‍රතිපාදන වලින් මහාමාර්ග අමාත්‍යාංශය විසින් මෙම යකඩ පාලම ඉදිකෙරිණි.

ඒ මහතා මෙසේ ද කීය.

ජනාධිපතිතුමා මහින්ද චින්තනය ඉදිරි දැක්ම, ඉදිරිපත් කර මේ රටේ සියලු ගම්මානවලට ඒ පහසුකම් ලබාදීමට ජනපතිවරයා ක්‍රියා කර තිබෙනවා.

අද මේ අකාඩේ විවෘත කළේ මාවතගම මැතිවරණ කොට්ඨාසයේ පස් වැනි පාලමයි.

මේ විවෘත කළ පාලම පිළිබඳ මේ ප්‍රදේශයේ ජනතාවගේ ලොකු හැඟීමක් ඇති වුණා. ඒක තමා අවශ්‍ය.

ඉතා කෙටි කාලයකින් පාලම සාදා ජනතා අයිතියට අද දින පැවරීමට හැකි වීම ගැන සතුටුයි. සියලු ව්‍යාපෘති සඳහා මම ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. මේ සියල්ල කරන්නේ මහජනතාවගේ පහසුව උදෙසායි. මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා, උප සභාපති කමල් පෙරේරා, ප්‍රාදේ්ශීය සභා මන්ත්‍රීන් වන නිමල් විජේසූරිය, අසෝක ප්‍රේමදාස, ප්‍රාදේශීය මහ ලේකම් ඊ. එම්. එස්. ඒකනායක යන මහත්වරු ද මෙයට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා