ආරාධනයක් නැතිව මඟුල් ගෙවල්වලින් හොඳ හැටි කන බොන අයකුට වැඩ වරදී

ආරාධනයක් නැතිව මඟුල් ගෙවල්වලින් හොඳ හැටි කන බොන අයකුට වැඩ වරදී

නෑදෑ කමක් නොමැතිව මඟුල් ගෙවල්වල කෑමට බීමට නිතර ගිය අයකු අතට අසුවී ගුටි පූජාවක් ලබාදීම පිළිබඳ සිද්ධියක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔහු මැදි වයසේ අයෙකි. අවිවාහක ය. කෑමට මෙන්ම බීමට මහත් රුචිකත්වයක් දක්වයි. මොහු නිතර විවිධ ප්‍රදේ්ශවල හෝටල්වල පවත්වන මංගල සාද සඳහා ජැන්ඩියට ඇඳ පැළඳ ගෙන ගොස් උජාරුවට කා බී පදමට සූර්වීමට පුරුද්දක් ලෙස සිදුකරමින් සිටියේ ය.

මෙසේ දිනක් ඔහු ගිය මංගල උත්සවයක දී පදමට වෙරිවූ පසු මනාලියගේ පාර්ශවයේ අය සමඟ දිගු කතාවකට පැටලිණි. තොරතුරු කතාකර ගෙන යෑමේදී කුමන පාර්ශ්වයෙන් ද තමන්ට මේ අයව කුමන අයුරින් නෑදෑවන්නේ දැයි ඇසීය. මෙහිදී ඔහු පැවසූ බොරු සියල්ල එළිවිය. අවසානයේ මහත් අසරණ වූ ඔහුට කිසිත් කර කියාගත නොහැකි විය. ඒ අසලම තවත් සූර්වූ අයෙක් උඹ බොරු කියන්නේ යයි පවසමින් පහර දුන්නේය. මහත් ලැජ්ජාවට පත් ඔහු එතැනින් ඉවත්ව ගිය අතර යළි කිසි දිනෙක එවැනි සාදවලට නොයෑමට ද ඉටා ගත්තේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා