ආණ්ඩුවේ ක්‍රියාවලිය සියයට-සියයක් හරි

ආණ්ඩුවේ ක්‍රියාවලිය සියයට-සියයක් හරි

එජාපයේ හිටපු ඇමැති නීති විශාරද චොක්සි කියයි

දෝෂාභියෝගය සම්බන්ධව රජය ගත් ක්‍රියාමාර්ග සියයට සියයක් නිවරැදි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු සහ නීති විශාරදයකු වූ කේ. එන්. චොක්සි මහතා පවසයි. පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව නියෝග කිරීමේ කිසිදු අයිතියක් අධිකරණයට නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

දෝෂාභියෝගය පිළිබඳව ක්‍රියා කිරීමේ පරම බලය පාර්ලිමේන්තුව සතු බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (11) වැඩිදුරටත් කියා සිටියේය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් මේ දක්වා රජය ගත් ක්‍රියාමාර්ග ස්ථාවර නියෝග පාර්ලිමේන්තු වගන්තිවලට අනුව ව්‍යවස්ථානුකූලව නිවැරදියි.

පාර්ලිමේන්තුව උත්තරීතර බවට අනුර බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයත් සමඟ මේ දක්වා පිළිගැනුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ තනි බලය පාර්ලිමේන්තුව සතුයි. පාර්ලිමේන්තුව තම කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව නියෝග ලබාදීමට අධිකරණයට හැකියාවක් නැහැ.

අපි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ගනුදෙනු කරන්නේ ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියෙන් පැවරෙන බලයට අනුවයි. ඒක ව්‍යවස්ථාවට පැවරෙන කාර්යයක්. එම වගන්තිය යටතේ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ තනි බලය පාර්ලිමේන්තුව සතුයි. ඊට නියෝග නිකුත් කිරීමට අධිකරණයට බැහැ.

එය තීරණය කිරීමට උත්තරීතර බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා