දිසා 17ක ජනතාවට මහ වැස්සෙන් පීඩා

දිසා 17ක ජනතාවට මහ වැස්සෙන් පීඩා

ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිව ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (11) වන විට 46 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තුවාලකරුවන් 16ක් ද අතුරුදන්වූවන් 8ක්ද වෙතැයි කියන එම මධ්‍යස්ථානය පවුල් 105009ක් පුද්ගලයන් 388621ක් අවතැන් බව සඳහන් කරයි. මේ වන විට කඳවුරු 61ක පවුල් 1421කට අයත් පුද්ගලයන් 5373ක් ද තාවකාලිකව පදිංචිකර ඇත. නිවාස 15357ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. අර්ධ වශයෙන් නිවාස 13445ක් විනාශයට පත්ව ඇත.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 17කට බලපා ඇති අතර ඒ අනුව ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය, පොළොන්නරුව, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, මුතූර්, වවුනියා, මන්නාරම, කිළිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව ඇත.

අවතැන්වූවන් සඳහා ආහාර ඇතුළු සහන කටයුතු රජය අඛණ්ඩව පවත්වාගෙන යන බවද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මේ වන විට අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවා ඇතැයි ද ඒ මහතා කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා