තෙත් බිම් උද්‍යානය අද ජනතා අයිතියට

තෙත් බිම් උද්‍යානය අද ජනතා අයිතියට

නුගේගොඩ නාවල පාරට මුහුණලා ඉදිකෙරුණු තෙත් බිම් උද්‍යානය අද (12) සවස 5.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කැරේ. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර පහක පමණ ප්‍රදේශයක ඉදිකර ඇති මේ උද්‍යානයේ මහජන විවේකය ගතකිරීමට අවශ්‍ය ස්ථාන, ගමන් හා ව්‍යායාම් තීරු, ළමා උද්‍යාන සහ පොකුණු මෙන්ම හරිත මල් සහිත තුරු හිසින් ආවරණය වූ මංතීරු ද ස්ථාපිතය.

නාගරික සංවර්ධන අධිකාරියේ භූ දර්ශන නිර්මාණ ඒකකය මේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 81.6ක මුදලක් වැයකර ඇත. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ යුද, නාවික හා සිවිල් ආරක්ෂක බළකා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් තෙත් බිම් උද්‍යානය නිර්මාණය කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා