කාශ්මීර දේශ සීමාවට යළි ප්‍රහාර එල්ල කළොත් ප්‍රතිප්‍රහාර දෙනවා

කාශ්මීර දේශ සීමාවට යළි ප්‍රහාර එල්ල කළොත් ප්‍රතිප්‍රහාර දෙනවා

ඉන්දියා හමුදා ප්‍රබලයකුගෙන් පාකිස්තානයට රතු එළි

කාශ්මීර දේශ සීමාවේ සිදුව ඇති ඉන්දු-පාකිස්තාන ප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම පෙරේදා එකිනෙකාට විරෝධය දක්වා ඇති අතර දේශ සීමාවේ අලුතින් ප්‍රහාර සිදුවුවොත් ඊට ආක්‍රමණකාරී අයුරින් ප්‍රතිචාර දැකිවිය යුතු යැයි නවදිල්ලි මාණ්ඩලික ප්‍රධානියා නියෝග කර ඇත.‍

දෙරටේම විදේශ ඇමැතිවරුන් නොසන්සුන්තා උත්සන්න විය හැකි බවට අනතුරු අඟවා තිබියදී ඉන්දිය මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බික්රාම් සිං ඉකුත් ජනවාරි 8දා එක් ඉන්දිය සෙබළකුගේ හිස ගසා දමමින් පාකිස්තාන සෙබළුන් විසින් සිදු කළ බව පැවැසෙන ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් හමුදාවේ සෙසු පිරිස් අතර දැඩි කෝපයක් මතුව ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන පාකිස්තානය, ඉන්දිය සෙබළුන් විසින් සිය සෙබළුන් දෙදෙනකු ඝාතනය කර ඇති බවට චෝදනා කර තිබේ.

එහෙත් බික්රාම් සිං පවසන්නේ ඉන්දිය ආරක්ෂක බළකා වඩා ආක්‍රමණශීලීව ප්‍රතිචාර දැක්විය යුතු බවය. නියෝගය පැහැදිලියි. කුපිත කිරීම් ඇති වූවොත් අපේ හමුදා ඒකක වහා පෙරළා වෙඩි තැබිය යුතු පවසන ඔහු ඉකුත්දා සිදුවු හිස ගසා දැමීම සමාව දිය නොහැකි වරදක් බව පවසමින් කඳෙන් ඉවත් කළ හිස ඉන්දියාවට බාරදෙන ලෙස ඉල්ලා තිබේ‍.

පාකිස්තානය සමඟ සංවාදයට එළැඹීමට සූදානම් නමුත් ඊට පළමු ඔවුන් ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතු යැයි ද පවසා ඇත.

හමුදා ප්‍රකාශකයකු ප්‍රකාශ ඇත්තේ දේශ සීමාවේ එක්තරා ස්ථානයකදී දෙරටේ ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් එක්ව කළ සාකච්ඡාව විනාඩි 32කට සීමාවූ බවය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා