බංග්ලාදේශ පොලිසිය හා ඉස්ලාම්වාදී ගැටුම්වලින් දෙදෙනක් ජීවිතක්ෂයට

බංග්ලාදේශ පොලිසිය හා ඉස්ලාම්වාදී ගැටුම්වලින් දෙදෙනක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ යුද අපරාධ නඩු විභාගයට එරෙහිව මේ සතිය මුලදී පැවැත්වු විරෝධතාවන්හිදි පොලිසිය හා ඉස්ලාම්වාදින් අතර ඇතිවූ ගැටුම්වලින් තුවාල ලත් දෙදෙනකු පෙරේදා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව ඉකුත් මස මේ විරෝධතා ඇරඹුණු තැන් පටන් පවත්නා දේශපාලන ප්‍රචණ්ඩත්වය හේතුකොටගෙන දැනට 9 දෙනකු ඝාතනය වී ඇත.

මින් සමහර දෙනකු ඝාතනය වී ඇත්තේ වෙඩි වැදීමෙනි. ජමාට් ඉ ඉස්ලාම් නම් විරුද්ධ පක්ෂය විසින් මෙහෙයවු මේ විරෝධාවන්හිදී ඉකුත් බදාදා ඔවුන්ගේ පහරදීමකට ලක්ව හිස තුවාල වු රාජ්‍ය බැංකුවක සෝපාන ක්‍රියාකරුවකු පෙරේදා මිය ගොස් තිබෙන බව පොලීසිය පවසා ඇත.

එවන් තවත් ප්‍රචණ්ඩකාරි අවස්ථාවකදී ජමාට් ශිෂ්‍ය අංශයේ ප්‍රහාරයකට ලක්වූ ග්‍රාමාරක්ෂකයකු ද පෙරේදා ජීවිතක්ෂයට පත්ව තිබේ. ජමාට් ඉ ඉස්ලාම් පක්ෂය ඉල්ලා සිටින්නේ ඔවුන‍්ගේ නායකයන්ට එ‍රෙහිව පවත්නා යුද අපරාධ නඩු අවලංගු කරන ලෙසය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා