උතුරු කොරියාවේ තෙවැනි න්‍යෂ්ටික පරික්ෂණය සැමරීමට දැවැන්ත රැලියක්

උතුරු කොරියාවේ තෙවැනි න්‍යෂ්ටික පරික්ෂණය සැමරීමට දැවැන්ත රැලියක්

උතුරු කොරියාවේ නවතම න්‍යෂ්ටික පරික්ෂණය සැමරිමට හමුදා භටයන් 100 000ක් සහ සාමාන්‍ය වැසියන් දහස් ගණනින් රැස්වු දැවැන්ත රැලියක් ඊයේ පවත්වා තිබේ. එහිදි උතුරු කොරියාවේ නව නායක කිම් ජොං යුන්ගේ අසම සම වීරත්වය දැඩි පැසසුමට ලක්වූ බව එරට මාධ්‍ය හුවා දක්වයි.

කිම් සුං චතුරස්‍රයේ පැවති මෙම රැලියට ඉහළ පෙළේ රාජ්‍ය සහ හමුදා නිලධාරින් සහභාගි වි ඇත. කෙසේ වෙතත් 2011 දෙසැම්බරයේ බලයට පත් ජනාධිපති කිම් ජොං යුන් මෙම උත්සවයට සහභාගි වි නැත.

මෑතදි සිදුකරන ලද්දේ උතුරු කොරියාවේ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණයයි .වසර 2006 දි සහ 2009 දි සිදු කළ න්‍යෂ්ටික පරික්ෂණ දෙකට වඩා මෙය බලවත් එකක් බව විශ්වාස කෙරේ. මෙමගින් උතුරු කොරියාවේ විද්‍යාත්මක තාක්ෂණික සහ යුදමය ශක්තියේ ප්‍රබල බව පෙන්නුම් කරන බව විෂ්ලේෂකයෝ පවසති.

ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්වි ඇති මෙම පරීක්ෂණය සිදු කළේ ජගත් සංවිධානය විසින් පනවන ලද සම්බාධකවලට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් බව උතුරු කොරියා බලධාරිහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා