නොමිලේ වයිෆයි කලාප 26ක්

නොමිලේ වයිෆයි කලාප 26ක්

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.

රජය විසින් පිහිටුවන මෙම වයිෆයි කලාප හේතුකොට ගෙන අද සිට අන්තර්ජාල පහසුකම් නොමිලේ මහජනතාවට ලබා ගැනීමට හැකිය. කොළඹ කොටුව දුම්රිය ස්ථානය, පිටකොටුව ලංගම ප්‍රධාන බස් නැවතුම් පොළ, පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ, ප්ලෝටීන් වෙළෙඳ සංකීර්ණය, නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, තුරඟ තරග පිටිය, පොලිස් මූලස්ථානය, ගාලු මුව දොර ක්‍රීඩාංගණය, බත්තරමුල්ල විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, කොළඹ ජාතික කෞතුකාගාරය, දෙහිවල සත්තු වත්ත, පොළොන්නරුව දුම්රිය ස්ථානය, පොළොන්නරුව මූලික රෝහල, මාතර දුම්රිය ස්ථානය, මාතර බස් නැවතුම් පොළ, ගාල්ල කරාපිටිය මූලික රෝහල, ගාල්ල දුම්රිය ස්ථානය, හම්බන්තොට උද්භිත උද්‍යානය, යාපනය දුම්රිය ස්ථානය, යාපනය මහජන පුස්තකාලය, මහනුවර දළදා මාළිගාව, මහනුවර දුම්රිය ස්ථානය, පේරාදෙණිය දුම්රිය ස්ථානය, රත්නපුරය ජාතික කෞතුකාගාරය සෙසු පහසුකම් සලසන ස්ථානයන් වෙයි.

 

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා