පාරේ ගමන් කළ පිරිමි ළමයකු කැඳවා පොලිස් මුරපොළේදී අතවර කරලා

පාරේ ගමන් කළ පිරිමි ළමයකු කැඳවා පොලිස් මුරපොළේදී අතවර කරලා

බද්දේගම පොලිසියට අයත් අගලිය පොලිස් මුරපොළේදී දොළොස් හැවිරිදි පිරිමි ළමයකුට අපයෝජනයක් කළ එම පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකු පෙරේදා(28) බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පෙරේදා (28) බද්දේගම පොලිසියේ ත්‍රෛයි මාසික පරීක්ෂණය පවත්වා ඇත.එම පරික්ෂණයට සහභාගීවීමට අගලිය පොලිස් මුරපොළේ සියලුම නිලධාරින් බද්දේගම

පොලිසියට ගොස් තිබේ.එවිට අගලිය පොලිස් මුරපොළේ උපසේවා රාජකාරි සදහා නතරව ඇත්තේ සැකකාර කොස්තාපල්වරයා පමණි.එම අවස්ථාවේ පාරේ යමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි ළමයකුට කතා කොට

මුරපොළ ඇතුළට ගෙන අපයෝජනය කළ විට ළමයා නිවෙසට ගොස් තම පියාට මේ බව දන්වා ඇත.එවිට ළමයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. බද්දේගම පොලිසිය මේ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා