කොළඹ සරසවියේ වැඩබලන උපකුලපති මහාචාර්ය ලලිතා මෙන්ඩිස්

කොළඹ සරසවියේ වැඩබලන උපකුලපති මහාචාර්ය ලලිතා මෙන්ඩිස්

කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරිය ලෙස එම විශ්වවිද්‍යාලයේම සම්මානනීය මහාචාර්යවරියක වන ලලිතා මෙන්ඩිස් මහත්මිය පත්කර ති‍බේ.

ඒ අනුව එම පත්කිරීම අද (30) සිට ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ‍‍කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර මෙතෙක් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගම මහතා නිවාඩු ලබාගෙන ඇති බව ද එම කොමිසන් සභාව ප්‍රකාශ කරයි.

ආචාර්ය ඩබ්ලිව්.කුමාර හිරිඹුරේගම මහතාගේ නිවාඩු ලිපියට අනුමැතිය ලබාදී ති‍බේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා