දෙවන ලෝක යුද සැමරුම් රුසියාවේ උත්සවයට කිම් ජොන් උන් නෑ

දෙවන ලෝක යුද සැමරුම් රුසියාවේ උත්සවයට කිම් ජොන් උන් නෑ

මේ සතියේ රුසියාවේ පැවැත්වෙන දෙවන ලෝක යුද සැමරුම් උත්සවයට සහභාගිවිම සඳහා නියමිතව සිටි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම ගමන අවලංගු කර ඇති අතර ඔහු වෙනුවට නාමික රාජ්‍ය ප්‍රධානී කිම් යොන් නෑම් ඒ සඳහා සහභාගිවනු ඇතැයි ප්‍රකාශ වී තිබේ.

කිම්යොන්නෑම් එරට රබර්මුද්‍රාවක් බවට පත්ව ඇති පාර්ලිමේන්තුවේ සභාපතිවරයාය. දෙවන ලෝක යුද්ධයේදි නාසි ජර්මනිය පරදා සෝවියට් හමුදා ජයග්‍රහණය කිරිමේ 70 වන සංවත්සරය පැවැත්වෙන මේ මස 9 දා උතුරු කොරියානු රජය වෙනුවෙන් ඔහු සහභාගිවනු ඇතැයි රාජ්‍ය පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

මුලදී මොස්කව් පාලනය මේ සඳහා සහභාගිවන ලෙස ආරාධනා කර තිබුණේ කිම්ජොන් උන් ටය. මේ තරුණ නායකයා එම ආරාධනාව පිළිගෙන තිබිණ. 2011 දෙසැම්බරයේ ඔහුගේ පියා වූ කිම් ජොන් ඉල් ගේ අභාවයෙන් පසුව බලයට පැමිණි කිම් ජොන් උන් ගේ පළමු විදේශ ගමන මෙය විය හැකිව තිබුණු නමුත් දැන් උතුරු කොරියානු අභ්‍යන්තරික ප්‍රශ්න හේතුවෙන් එය අවලංගු කළ බව ප්‍රකාශ වී තිබේ.

එහෙත් සමහරකු පවසන්නේ රුසියාව උතුරු කොරියානු අවි ගිවිසුමක් ප්‍රතික්ෂේප කිරිම හේතුකොටගෙන උත්සවයට එක්නොවන බවය. තවත් සමහරකු ගේ මතය වී ඇත්තේ කිම් ජොන් උන් චීනයේ ෂි ජින්පින් වැනි නායකයින් සහභාගිවන අවස්ථාවන්ට එක්විමට සූදානම් නැතිබවය.

87 හැවිරිදි කිම් ජොන් නෑම් කොරියානු නියෝජිතයා ලෙස විදේශ සංචාරයන්හි නිරතුරුව යෙදෙන අතර මෑතකදී ජකාර්තා හි පැවති ආසියා අප්‍රිකා සමුළුවටද එක්ව තිබිණ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා