හත්මස් බිලිඳ්‍රගේ ඇසේ සෙ.මී.4ක් දිග පණුවෙක්

හත්මස් බිලිඳ්‍රගේ ඇසේ සෙ.මී.4ක් දිග පණුවෙක්

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ මාස 7 ක් වයසැති දරුවකුගේ ඇසක සිටි සෙන්ටිමීටර් 4 ක් දිගැති පණුවකු පසුගිය (9) දා සැත්කමකින් ඉවත් කොට ඇත.

ඇඹිලිපිටිය මූලික රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය පද්මිණි හල්පිටගේ මහත්මිය මේ සැත්කම සිදු කළාය.

ඇසේ මතුවූ රත් පැහැ ලපයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ දරුවා සිය මව සමඟ රෝහලට පැමිණ ඇති බවත් දරුවාගේ ඇස පරීක්ෂා කිරීමේදී ඇසේ පණුවකු සිටින බව සොයා ගෙන ඇති අතර ඒ මොහොතේ තමා වහාම සැත්කමකින් එම පණුවා ඉවතට ගත් බවත් හල්පිටගේ මහත්මිය සඳහන් කළාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා