2008 උ/පෙළ ප‍්‍රතිපල අභියාචනා කිරීමට මාසයක කාලයක්

2008 උ/පෙළ ප‍්‍රතිපල අභියාචනා කිරීමට මාසයක කාලයක්

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ (2008) ප‍්‍රතිඵල නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිසා ගැටලුවක් මතුවී ඇති අයැදුම්කරුවන්ට අභියාචනා කිරීම සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මාසයක කාලයක් ලබාදී ඇති හෙයින් එම අභියාචනා මණ්ඩලයට ගැටලු යොමු කළ හැකි බව අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප‍්‍රකාශ කෙළේය.

නැවත සමීක්ෂණයෙන් පසු ශ්‍රේණි වෙනස්වී ඇත්තේ ඉල්ලුම් කළ සංඛ්‍යාවෙන් සියයට 1.28 ක ගේ පමණකැයි ද ඇමැතිවරයා පැවසීය. 2008 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල පළමුවර සමීක්ෂණයේදී එම සමීක්ෂණ කටයුතු විධිමත් ලෙස සිදුවී ඇති බවට සහතික විය හැකි බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ 2008 වසරේ අ. පො. ස. (උසස් පෙළ) විභාගයේ උත්තර පත‍්‍ර නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන්පසු සිසුන් ගණනාවකගේ මුල් ප‍්‍රතිඵල වලට වඩා නැවත සමීක්ෂණ ප‍්‍රතිඵළවල දැවැන්ත වෙනස්කම් සිදුවී ඇති බවත් මේ ප‍්‍රතිඵල වෙනස්වීමට අධ්‍යාපන අමාත්‍යංශය වග කිව යුතු බවටත් සඳහන් කරමින් කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු ආරම්භයට පෙර විශේෂ ප‍්‍රකාශයක් ඉදිරිපත් කරමින් අසන ලද ප‍්‍රශ්න වලට පිළිතුරු වශයෙනි.

අභියාචනා ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම අගෝස්තු 2 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
තම ප‍්‍රතිඵල ගැන සෑහීමකට පත් නොවන්නේ නම් නැවත සමීක්ෂණයට අවස්ථාව ලබාදී තිබූ බවත් ඇමැතිවරයා කීවේය.

විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම සඳහා ගතවී ඇත්තේ මාස පහක් නොව මාස හතරක් බවත් නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කිරීමට ගතවී ඇත්තේ මාස හයක් නොව මාස හතරයි දින නවයක් බවත් පෙන්වා දුන් ඇමැතිවරයා මීට වඩා අඩු කාලයකදී නැවත සමීක්ෂණ කි‍්‍රයාවලිය අවසන් කිරීමට ප‍්‍රායෝගිකව ඉඩක් නැති නිසා කිසිදු පමාවක් සිදුවී නැති බවත් මුළු නැවත සමීක්ෂණ කි‍්‍රයාවලියටම විභාග දෙපාර්තමේන්තුව වැය කර ඇති කාලය මාස හතරයි දින නවයක් පමණක් බවත් පැවසීය.

නැවත සමීක්ෂණ කි‍්‍රයාවලියේ දුබලතාවක් නැතැයිද ඒ අනුව කිසිදු සිසුවකුට අසාධාරණයක් සිදුවී නැතැයිද ඇමැතිවරයා අවධාරණය කෙළේය.
මීට පෙර නැවත සමීක්ෂණයෙන් පසු සංශෝධිත වෙනස්කම් සඳහන්වූ ප‍්‍රතිඵල හෝZ න පාසල් වලට යවා මුල් හෝZ නය අදාළ සංශෝධන කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන්න ද එසේ සංශෝධිත ප‍්‍රතිඵල ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අඩු පාඩු මග හරවා ගැනීමට සංශෝධිත පරිගණක ප‍්‍රතිඵල හෝZ නයක් යැවීමට පියවර ගත්තේ යැයිද ඒ අනුව ප‍්‍රතිඵල හෝZ න දෙකක් පාසහෝ තිබීම මගින් සිදුවිය හැකි දෝෂ වැළැක්වීම සඳහා මුල් හෝZ නය නැවත ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු ව්‍යාකූල තත්ත්වයක් නොමැත. පසුගිය දශක දෙක තුළදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගෙන ඇත්තේ නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කරන ලද ප‍්‍රතිඵල හෝZ නය පදනම් කරගෙන බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

2005 වසරේ රසායන විද්‍යා බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් සිසුන්ට සාධාරණය ඉටුකොට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් පවා ආරම්භ කළ අයුරු සිහිපත් කර දුන් ඇමැතිවරයා මේ අවස්ථාවේදී ගැටලුවක් ඇත්නම් සාධාරණය ඉටු කර දෙන බවද පැවසීය.
ඇමැතිවරයා මෙසේද කීවේය.

අ. පො. ස. (උ. පෙළ) 2008 විභාගයේ ප‍්‍රතිඵල 2009 ජනවාරි මස 03 දින නිකුත් කළ අතර ඒ සමග සිසුන් ලැබූ ශ්‍රේණි Z අගය, දිස්ති‍්‍රක් කුසලතා යන තොරතුරු ද එහි අඩංගු කර ඇත. එහි දක්වා ඇති දිස්ති‍්‍රක් කුසලතාව කිසිසේත් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා යොදා නොගන්නා බව පැහැදිලිව ම දක්වා ඇත. මෙය පසුගිය වසර ගණනාව තිස්සේ ම විදුහල්පතිවරුන් දැනුවත් කරන ලද කරුණකි.

පාසල් ප‍්‍රතිඵල හෝ Z නයේ ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල සටහන් වල ද පැහැදිලිව ම දක්වා ඇත්තේ නැවත සමීක්ෂණ කි‍්‍රයාවලියෙන් පසු එක් එක් අයදුම්කරු ලබා ඇති Z  අගය වෙනස් වීමට ඉඩ තිබෙන බවය.

ඉහත කරුණු හේතු කොට ගෙන පැහැදිලි වන කරුණ නම් දිස්ති‍්‍රක්ක කුසලතාව හෝ Z අගය හෝ කල්වේලා ඇතිව දැන ගැනීම තමා කිසියම් විශ්ව විද්‍යාලයකට / පාඨමාලාවකට අනිවාර්යෙන් ම සුදුසුකම් ලබන්නේ ය යන්න පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹීම වැරැදි සහගත බවයි.

එය තීරණය වනුයේ ඒ ඒ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් වන ඉල්ලුම් පත‍්‍ර ප‍්‍රමාණය හා නැවත සමීක්ෂණයෙන් පසු සකස් කරන නව Z අගය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් සකස් කරනු ලබන දිස්ති‍්‍රක් කුසලතා හෝ Z නය මතය. විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 240000 වුවත් විශ්ව ෂද්‍යාල ප‍්‍රවේශය සඳහා ඉල්ලුම් කරනු ලබන්නේ 46000 ක් පමණි.

නැවත සමීක්ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තුව ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසාන දිනය 2009. 01. 28 විය. ඒ අනුව 2009. 02. 15 වන විට ඉල්ලුම් පත‍්‍ර මෙම දෙපාර්තමේන්තුවට ලැබුණි.  I, II, III වශයෙන් උත්තර පත‍්‍ර වෙන් කර පරීක්ෂා කළ යුතුය.

මෙම උත්තර පත‍්‍ර ඒ ඒ මධ්‍යස්ථාන පැකට් වලින් නිසි පරිදි ඉවත් කර සෑම පිටුවක් පාසාම රහස්‍ය මුද්‍රා තබා එක් එක් විෂයට සහ මාධ්‍යයට අනුව අංකනය කර පැකට් වශයෙන් සකස් කර නැවත සමීක්ෂණ ඇගයීම් කි‍්‍රයාවලියට සම්බන්ධ වන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය වෙත යැවීමේ වැඩපිළිවෙළ සඳහා පමණක් දින 40 ක පමණ කාලයක් සෑම වසරකම ගත වේ.

නැවත සමීක්ෂණ සඳහා මාර්තු මස සිට පේරාදෙණිය, කොළඹ, ජයවර්ධනපුර, කැළණිය, රුහුණ, වයඹ, සබරගමුව, මඩකලපුව, සහ යාපනය යන විශ්ව විද්‍යාලවල ඒ ඒ විෂයට සම්බන්ධ වූ ආචාර්ය සහ මහාචාර්යවරුන් යොදා ගැනීමට කටයුතු කරන ලදී. මෙම කි‍්‍රයාවලිය මෙම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලද්දේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සිදු කරන අතරතුර දී ය.

ඒ අනුව මැයි මස අග සතිය වන විට විශ්ව විද්‍යාල වලින් නැවත සමීක්ෂණය කරන ලද උත්තර පත‍්‍ර හා ලකුණු විභාග දෙපාර්තමේන්තුවට ලැබුණි. එතැන් පටන් නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල හෝ Z සකස් කිරීම නැවත සමීක්ෂණ ලකුණුවලට අනුකූලව මුල් දත්ත පාදකය සංශෝධනය කිරීම යනාදිය විභාග දෙපාර්තමේන්තුව විසින් ඉටු කරන ලදී. ඒ අනුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත 2009. 06. 24 දින සංශෝධිත CD තැටිය භාර දීම සිදු විය.

නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල හේතු කොට ගෙන කිසියම් ශිෂ්‍යයකුගේ හෝ ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගේ හෝ මුල් ප‍්‍රතිඵලයට වඩා අඩු ප‍්‍රතිඵලයක් නො එසේ නම් අඩු ශ්‍රේණියක්ලැබීමට ඉඩ තිබේ. නැවත සමීක්ෂණයෙන් පසු අයදුම්කරුවන්ගේ ලකුණුවල අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ පිළිගන්නා බව ඔවුන්ගේ නැවත සමීක්ෂණ ඉල්ලුම් පත‍්‍රයේ සඳහන් තොරතුරු අනුව එකඟ වී තිබේ. මෙය පසුගිය වසර 20 තුළම විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙතය.

කිසියම් අයදුම්කරුවකු නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිට විභාගය ඉල්ලුම් කිරීමට නොහැකි වූ විටෙක එම හේතුව මත ඔහුට විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම පසුගිය වසර 20 තුළම විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කළ කි‍්‍රයා පිළිවෙතයි.

එම නිසා මෙවර ද නැවත සමීක්ෂණය ඉල්ලුම් කළ ඕනෑම සිසුවෙකුට 2009 අ. පො. ස. (උ. පෙළ) විභාගය සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ කඩ ලබා දී ඇත.

විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමේ දිස්ති‍්‍රක්ක කුසලතාව තීරණය කරනු ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රතිඵල ලේඛනය අනුව නොව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් සකස් කරනු ලබන දිස්ති‍්‍රක් කුසලතා හෝZ නය අනුවයි. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුව විසින් මුල් අවස්ථාවේදී නිකුත් කර ඇති දිස්ති‍්‍රක් කුසලතාව හෝ Z අගය හෝ විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්නායක නොවන බව මේ අනුව පැහැදිලි වේ.

මුල් අවස්ථාවේදී විදුහල්පතිවරුන් වෙත යවන ලද ප‍්‍රතිඵල හෝZ නය ඔවුන් වෙත රඳවා නොගෙන විභාග දෙපාර්තමේන්තුවට ආපසු එවන ලෙස දන්වා ඇත්තේ පරිගණක මුද්‍රිත සංශෝධිත නව ප‍්‍රතිඵල හෝZ නයක් ඔවුන් වෙත යැවීම නිසාවෙනි. මෙසේ ගෙන්වා ගනු ලබන්නේ වැරදීමකින් හෝ විදුහල්පතිවරයා විසින් පැරණි ප‍්‍රතිඵල හෝZ නය උපයෝගී කර ගෙන යම් අයදුම්කරුවෙකුට ප‍්‍රතිඵල සටහනක් ලබාදීම වැළැක්වීම සඳහා ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා