පළාත් පාලන ආයතනවල දුර්වලතා නිසා ඉවුරු-බැමි කඩා වැටුණා

පළාත් පාලන ආයතනවල දුර්වලතා නිසා ඉවුරු-බැමි කඩා වැටුණා

මේ දිනවල පවතින වැසි බර කාලගුණික තත්ත්වය හේතු කොට ගෙන ඉවුරු සහ බැමි කඩා වැටීමට 80 % ක්ම බලපා ඇත්තේ් පළාත් පාලන ආයතනවල ඉඩම් පරිහරණයේ හා ජල කළමනාකරණයේ දුර්වලතා නිසා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් දිනමිණ ට අදහස් දැක්වූ ඒ සංවිධානයේ නාය යෑම් සේවා හා අධ්‍යන අංශයේ අංශාධිපති ආර්. එම්. එස්. බණ්ඩාර මහතා සඳහන් කළේ මේ සති අන්තයේදී නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වන බැවින් ශ්‍රී ලංකාවේ බටහිර බෑවුමට අයත් මධ්‍යම, සබරගමුව, දකුණු යන පළාත් හා නුවරඑළිය ගිනිගත්හේන බදුල්ලේ හල්දමුල්ල යන ප්‍රදේශවල පළාත් පාලන ආයතන ආපදා තත්ත්වයන් ගෙන්මිදීමට ක්‍රියාත්මක විය යුතු බවකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා