යාපනයේ දමිළ චිත්‍රපට සතියක්

යාපනයේ දමිළ චිත්‍රපට සතියක්

යාපනය අර්ධද්වීපයේ වෙසෙන දෙමළ ජනතාවගේ මානසික වර්ධනය උදෙසා දෙමළ චිත්‍රපට උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත සතියක් පුරා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය බලාපොරෙතාත්තු වෙයි.

ඉකුත් යුද්ධය පැවැති සමයේ යාපනය අර්ධද්වීපය තුළ සිනමා ශාලා 16ක් පිහිටුවා තිබුණු අතර ත්‍රස්තවාදීන් විසින් මෙම සිනමා ශාලා සියල්ලම විනාශ කරන ලදී. මේ වන විට යාපනය ජනතාවට සිනමා ශාලාවකින් චිත්‍රපටයක් නැරැඹීමට අවස්ථාවක් නැත.

මෙම සිනමා උළෙලේ දී පැරැණි සහ ජනප්‍රිය දකුණු ඉන්දියානු චිත්‍රපට සහ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දෙමළ චිත්‍රපට තිරගත කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා