විපතට පත්වූවන්ට නාවික හමුදාවෙන් ආධාර උපකාර

විපතට පත්වූවන්ට නාවික හමුදාවෙන් ආධාර උපකාර

ගංවතුර තත්ත්වය නිසා ආපදාවට පත්වී සිටින මහජනතාවට අවශ්‍ය ආධාර ලබා දීමටත්, ජීවිත ආරක්ෂාව සලසා දීමටත් නාවික හමුදා බෝට්ටු 22ක් සහ කණ්ඩායම් 23ක් තවදුරටත් නාවික මෙහෙයුම්වල නිරත වෙමින් සිටී.

මේ පිරිසට අමතරව තවත් විශේෂ නාවික කණ්ඩායම් හතරක් අනෙකුත් ආයතන හා එක්ව එකී සහන සැලැසීම සඳහා පිටත්කොට යවා ඇත.

මෙහිදී වත්තල ප්‍රදේශය සඳහා නාවිකයන් 32කින් යුත් කණ්ඩායමක් ද මීගමුව ප්‍රදේශයට නාවිකයන් 26කින් යුත් කණ්ඩායමක් හා පිළිවෙළින් ගම්පහ සහ කටාන ප්‍රදේශ සඳහා 40කින් හා 29කින් යුත් නාවික කණ්ඩායම් යොදවා තිබේ.

නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පවතින ගංවතුර අවදානම් තත්ත්වයක් පහව යන තෙක්ම මහජනතාව සඳහා අවශ්‍ය ආධාර ලබා දීමටත් ජීවිත ආරක්‍ෂාව සලසා දීමටත් නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා