නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වෙයි

නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ නාරද දිසාසේකර මහතා ඊයේ (19) අභාවප්‍රාප්ත විය. සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ගායකයා වූ දිසාසේකර මහතා නවක රංගන ශිල්පි සාරංග දිසාසේකරගේ පියාණන් ය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ කාර්මික ශිල්පියකු ලෙස ද පසුව සංගීත අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ඔහු කටයුතු කෙළේය. ‘රන්මුතු දූව‘ චිත්‍රපටයට ‘පිපී පිපී රේණු නටන’ ‘ගලන ගඟකි ජීවිතේ’ යන ගීත ගායනා කරමින් සරසවි සම්මානයට පාත්‍ර වූ දිසාසේකර මහතා ගුවන් විදුලියට ගායනා කළ ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතයෙන් ඉමහත් ජනාදරයට පත් විය.

හතර කේන්ද්‍රය, මනමාලයෝ ඇතුළු චිත්‍රපට කිහිපයකට සංගීතය අධ්‍යක්‍ෂණය කර ඇති දිසාසේකර මහතා ආදර නිල් දෑසේ, සිහින සතක්, පුෂ්ප මකරන්ද, නාමලින් දිනූ ලියන්, මේ භවයෙදි මුළු දිය දහරේ, ඇය පමණයි මගේ මිහිර, චන්දන ඇඟ ගාලා යන ගීතවලින් ඉතාම ජනප්‍රියත්වයට පත් විය.

දිසාසේකර මහතාගේ මෘත දේහය 26 ඒ, වැටකෙහියාවල පාර, උඩහමුල්ල, නුගේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවමංගල කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා