පිහියෙන් බෙල්ල කපා එක් දරු පියකු මරා දමලා

පිහියෙන් බෙල්ල කපා එක් දරු පියකු මරා දමලා

ඌව පරණගම දඹගහපිටිය ප්‍රදේශයේදී පෙරේදා (18) සවස 6.45 ට පමණ ගෙල හා සිරුර මල්කපන පිහියකින් කපා එක් දරු පියකු ඝාතනය කැර තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ දඹගහපිටියේ පදිංචිව සිටි 29 හැවිරිදි නිමල් රාජපක්‍ෂ නමැත්තකු බව පොලීසිය කීය.

මේ පුද්ගලයා සහ අසල නිවෙසක පුද්ගලයන් සමඟ ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මේ මරණය සිදුවූ බව හෙළි වී තිබේ.

සැකකරු පිළිබඳ කරුණු හෙළි වී තිබෙන අතර ඔහු ප්‍රදේශය හැර පලා ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කණ්ඩායමක් යොදවා තිබේ.

මහේස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා මළ සිරුර දිඹුලන රෝහල වෙත රැගෙන ගොස් ඇත.

සිද්ධිය පිළිබඳ ඌව පරණගම පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා