‘ලයිලා’ සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට

‘ලයිලා’ සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට

බෙංගාල බොක්ක ආශි‍්‍රතව පැවැති අව පීඩන තත්ත්වය සමඟ ඇතිවූ ‘ලයිලා’ සුළිකුණාටුව දිවයිනෙන් බැහැරට යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එසේ වුවද සුළං ප්‍රවාහනය සුළි කුණාටුව දෙසට ඇදීයාම හේතුවෙන් සුළං තත්ත්වය වැඩිවිය හැකි බව දෙපාර්තමේන්තුව කියයි.

ඉදිරි දින දෙක තුන තුළදී මධ්‍යම සබරගමුව , බස්නාහිර පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි අතර මුහුදුබඩ ප්‍රදේශවලට වැසි තරමක් අඩුවන බව දෙපාර්තමේන්තුව කියයි. බෙංගාල බොක්ක ආශි‍්‍රතව පැවැති අභිසාරි හා කැළඹිලි ස්වභාවය නිසා ඉකුත් දිනවලදී අධික වැසි ඇති වූ බවද දෙපාර්තමේන්තුව කියයි.

ඊයේ පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළදී වැඩිම වැසි ලැබී තිබුණේ කටුනායක ප්‍රදේශයටය. එය මිලි මීටර 177.5 කි. කුකුලේගමට 147ක්ද රත්නපුරයට 110ක් ද ගම්පහට 95.4ක් හා කොළඹට 69.9ක්ව වැසි ලැබී තිබිණි.

ඉදිරි දින දෙක තුනේදී මධ්‍යම සබරගමුව බස්නාහිර පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙත් මුහුදු බඩ ප්‍රදේශවල වැසි තරමක් අඩුවිය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා