වේල්ස් කුමර විදුහලට ජය

වේල්ස් කුමර විදුහලට ජය

වේල්ස් කුමර විදුහලත් මොරටු විදුහලත් අතර පැවති අන්තර් පාඨශාලීය වයස අවුරුදු 15න් පහළ පලමු පෙළ ක්‍රිකට් තරඟයෙන් වේල්ස් කුමර විදුහල මොරටුව විදුහල පරදවා කඩුළු හයක ජයක් වාර්තා කළේ ය.

තරඟයේ කැපී පෙනෙන සිදුවීම වූයේ වේල්ස් කුමර විදුහලේ අවිඳු ප්‍රනාන්දු ලකුණු 46 කට කඩුළු 6 ක් දවාලීමයි.

මොරටු විදුහල - 185/9 - (ඕවර 45) ටි.යු.ටි.ප්‍රනාන්දු 55, ඩබ්.එච්.ඩී.ප්‍රනාන්දු 43, එල්.ඩී. සුලක්ෂණ 38, (අවිඳු ප්‍රනාන්දු 6/46)

වේල්ස් කුමර - 186/4 - (ඕවර 38 - ) කුසල් මෙන්ඩිස් 84, බී.ඒ.සී.මෙන්ඩිස් 39, ජී.එන්.ජේ.ප්‍රනාන්දු නොදැවී 35,

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා