මුරලි විස්මිත ක්‍රීඩකයෙක්

මුරලි විස්මිත ක්‍රීඩකයෙක්

- මයිකල් ක්ලාක්

ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට මුත්තයියා මුරලිදරන් තීරණය කිරීම නිවේදනය වීමෙන් පසුව සිය අදහස් පළකළ ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක් මුරලිදරන් විස්මිත ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වමින් සිය ගෞරවය පුද කළේය.  “මං හිතන්නේ මුරලි ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඇසුවාම ලොව පුරා පිතිකරුවන් සතුටට පත්වේවි. මොකද තවදුරටත් ඔහුට මුහුණ දීමට සිදුනොවන නිසා” ක්ලාක් ප්‍රකාශ කළේය.

ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියා වන මුරලිදරන්ට ටෙස්ට් කඩුලු 800 සීමාව සඳහා ඉතිරිව ඇත්තේ තවත් කඩුලු 8 ක් පමණි. ඉන්දියාව සමඟ පැවැත්වෙන ඔහුගේ අවසන් ටෙස්ට් තරගයේදී එම සීමාවට ළඟාවීමට ඔහුට හැකිවනු ඇතැයි ක්ලාක් විශ්වාසය පළ කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා